බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇතැයි ෆේස්බුක් ආයතනය සදහන් කරයි.
ඊයේ (28)අදාළ සමාජ ජාල වෙබ් අඩවිවල අවහිරතා පැවති බවට ලොව පුරා රටවල් රැසකින් වාර්තා වී තිබුණි.
කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල වශයෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය හරහා පණිවුඩ හුවමාරු වීම ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා තිබේ.
ලෝකයේ විවිධ රටවල් තුති කිරිමේ නිවාඩු සමය විවිධ දිනවල සමරන අතර අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් නොවැම්බර් මස අවසන් සතියේ බ්‍රහස්පතින්දා එම නිවාඩු දිනය ලෙස නම් කර ඇත.
කෙසේවුවද මේ වනවිට එම සමාජ මාධ්‍ය සියයට සියයක් යථාතත්වයට පත් කර ඇති අතර සිදුවු අපහසුතාව පිළිබඳ ෆේස්බුක් ආයතනය සිය පරිශීලකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
Share this: