බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලට

බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලට

20 වැනිදා සිට සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු බිත්තර කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 880 ක් වන අතර දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක් සඳහා මිල රු. 920.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඉහත අයිතමයන් කිසිදු නිෂ්පාදකයෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විකිණීම, සැපයීම, හෙළිදරව් කිරීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට නියෝග කරයි.

Share this: