බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල (MRP) ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබේ.
අදාළ නිලධාරීන්, බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු ගොවීන්ගේ සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති රැස්වීමකදී මෙම යෝජනාව සාකච්ඡාවට ගැනිණි.
ජනාධිපති ලේකම්වරයා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගතහොත් දේශීය වෙළෙඳපොළේ පවතින හිඟයට දින 15ක් ඇතුළත විසඳුම් ලබාදිය හැකි බව බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු ගොවීන් පෙන්වා දෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඔවුන්ට පවසා ඇත්තේ බිත්තරවල MRP ඉවත් කිරීමේ යෝජනාවක් කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සලකා බලන බවයි.
Share this: