බැසිල් බන්ධනාගාර රෝහලට

බැසිල් බන්ධනාගාර රෝහලට

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, මූල්‍ය අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් ඊයේ(22)අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික ගනේපොල මහතාගේ නියෝගයකට අනුව මෙලෙස බැසිල් රාජපක්‍ෂ මහතාව බන්ධනාගාර රෝහලට යොමු කර ඇත.

එසේම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවකද මැයි මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ (22) රාත්‍රියේ නියෝග කළේය

Share this: