බැසිල්ට මේ වන විට මාස 6ක් නිවාඩු ලැබිලා

බැසිල්ට මේ වන විට මාස 6ක් නිවාඩු ලැබිලා

පසුගිය රජය සමයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මාස 3ක නිඩාඩු කාලයක් ලබාදීමට තිරණය කර තිබේ..

විපක්ෂ නායක, නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති අතර ඊට සභාවේ කිසිදු විරෝධයක් එල්ලනොවූ බව වාර්තාවේ.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරී‍මෙන් පසු අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නමුත් ඔහුව් මේ වන විට බන්ධනාගාර රෝහලේ සිට ජාතික රෝහලට මාරුකර එවා ඇත.

මීට ඉහතදීද මාස 3ක කාලයකට නිවාඩු අනුමත කරවාගෙන තිබුණු බැසිල් රාජපක්ෂ මහතාට යළි මාස 3ට නිවාඩු අනුමත වූයේ දෙවෙනි වරට වන අතර, ඒ අනුව ඔහුට මේ වන විට මාස 6ක දීර්ග නිවාඩුවක් ලබා දී ඇත.

Share this: