බැම්මක ගැටී යතුරුපැදිකරු මරුට

බැම්මක ගැටී යතුරුපැදිකරු මරුට

බුලත්කොහුපිටිය – කෑගල්ල මාර්ගයේ පින්නගොල්ල 01 කණුව අසළදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ, බුලත්කොහුපිටිය සිට කෑගල්ල දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගල්බැම්මක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

මෙහිදි අනතුරෙන් බරපතල තුවාළ ලැබු යතුරුපැදිකරු කෑගල්ල රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.

තවද මියගොස් ඇත්තේ කෑගල්ල ඇකිරියගල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: