බැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග දින නියම කරයි!

බැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග දින නියම කරයි!

ඊයේ (16) මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවේ පූර්ව නඩු විභාගය පැවැත්වීය.

ඒ පළමු ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණය හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.

මේ හේතුවෙන් නඩුව ලබන වසරේ මාර්තු 21 වැනිදා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විනිසුරුවරයා නියෝග කළේය.

2015 පෙබරවාරි 27 වන දින පැවති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රජයට අයත් ඩොලර් මිලියන 688 ක මුදලක් අලාභ කිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

Share this: