ගාල්ල බසාර් වීදියේ ලංකා බැංකු ශාකාවේ කළමනාකරුගේ සිරුර අද (27) දහවල් හික්කඩුව, නාරිගම මුහුදු වෙරළේ තිබී සොයාගෙන තිබේ.
සිය සැමියා ඊයේ රාත්‍රී නිවසට නොපැමිණි බව කියමින් ඔහුගේ බිරිඳ හික්කඩුව පොලීසියට පැමිණිල්ලක්ද කර තිබිණ.
මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි තිදරු පියෙකු වන අතර ඔහුගේ සිරුර කරාපිටිය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇත.
සිද්ධිය ගැන හික්කඩුව පොලීසිය පරීක්ෂණ කරන බව අප වාර්තාකරු පැවසීය.
උපුටා ගැනීම අද දෙරණ
Share this: