18 හැවිරිදි තරුණයෙකු විසින්, වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක මව්පිය බාරකාරත්වයෙන් පැහැරගෙන විත් අඹු කමට තියාගෙන ඇත.
එම පුත්ගලයාව, කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේන අතර, ඔහු පල්ලිවාසලතුරේ, වෙල්ලමංකරය පදිංචිරුවෙකි.
ඔහු වෘත්තියෙන් ධීවරයෙක් වන අතර පැහැර ගැනීමට ලක්ව ඇත්තේ මාතලේ – ඕවිල් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක බව පොලීසිය පවසයි.
සැකකාර තරුණයා තම ඥාතීන් පිරිසක් සමග පසුගිය දිනක මාතලේ ප්‍රදේශයට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී පැහැර ගැනීමට ලක්වූ දැරිය සැකකරුට හමුවී තිබේ.
පසුව එම හමුව පෙම් සම්බන්ධතාවයක් බවට පත්වී ඇත.
එම සම්බන්ධතාවය දුරදිග ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් ලබා දුන් පණිවිඩයකට අනුව දැරිය පසුගිය 07 වැනිදා පුත්තලමට පැමිණ තිබේ.
පසුව සැකකරු පුත්තලමට ගොස් දැරිය කැඳවාගෙන කල්පිටියේ පිහිටි තම මව්පියන් පදිංචි නිවසට පැමිණ ඇත.
කල්පිටියේ පදිංචි සැකකරුගේ ඥාතියෙකු විසින් කරන ලද දැනුම්දීමක් මත දැරියගේ මව්පියන් තම දියණියව පැහැර ගෙන ගොස් ඇති බවට කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණු අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය දැරිවියද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු විසින් පැහැර ගෙන විත් රඳවාගෙන සිටි දැරිය දුෂණයට ලක්ව ඇද්ද යන්න දැන ගැනීම සඳහා ඇය කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.