බාවිතයට නොසුදුසු බාල තෙල් සැපයූ සමාගම් සමඟ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් ගිවිසුම් මෙම වසර අවසන් වනතුරු අවලංගු කිරීමේ හැකියාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම පසුගිය කාලයේදී යළිත් දීර්ඝ කර ඇතැයිද අවශ්‍ය කොන්දේසි එම ගිවිසුම්වලට ඇතුළත් නොකිරීම නිසා බාල තෙල් සැපයීම සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේ හැකියාවක් නැතැයිද රංගේ බණ්ඩාර මහතා කියාසිටියේය.
බොර තෙල් පමණක් නොව ඉන්ධන ලබා ගනිද්දී ද නියමිත පටිපාටිය අනුගමනයකර නැත.
එම සමාගම්වලටම යළිත් තෙල් ගෙන ඒමටඅවසර දී ඇතැයි ද හෙතෙම පැවසීය.
මීට දින දෙකකට පෙරදීද බාල ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් හරවා යෑවූ බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
ඇමැති රංගේ බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශකළේ අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .