බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් කිරීම ඉතා ධනාත්මක පියවරක්

බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් කිරීම ඉතා ධනාත්මක පියවරක්

එල්. ටී. ටී. ඊ සංවිධානයට නැවත පණ දීමේ අදහසින් කටයතු කළ ගෝපී නමැත්තාට රැකවරණය දුන් බවට චෝදනා යටතේ වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ රඳවා සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි නැමැත්තියව ඉකුත් 10වනදා ඇප මත මුදා හරින ලදි.

වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ රඳවා සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි නැමැති අයව ඇප මත නිදහස් කිරීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි මහත්මිය සිය ප්‍රසාදය පවසා සිටියි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෛනික මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ මෙම පියවර ඉතා ධනාත්මක පියවරක් ලෙසින් අගය කරන බවයි.

එසේම තවත් මෙලෙස රඳවාගෙන සිටින පාර්ශවයන්ගේ ද නඩු විභාග ඉක්මන් කරවීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවන බව මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කළාය.

තවද, සියලු ශ්‍රී ලාංකිකයින්ගේ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීම හා මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ඇය එහිදී සඳහන් කර තිබේ.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් උනන්දු කරවන බවද ඇය පවසා ඇත.

Share this: