මුහුණ මුළුමනින්නම ආවරණය වන පරිදි පලදින ෆුල් ෆේස් හෙල්මට් හෙට (02) සිට තහනම් කිරීමට පොලිසිය තීරණය කළද එය තවදුරටත් කල් දැමීම කෙරෙහි පොලිසියේ අවධානය යොමුව ඇත.
ෆුල් ෆේස් හෙල්මට් තහනම කල් දැමීම කෙරෙහි පොලිසියේ අවධානය වැඩි වශයෙන් යොමුවී ඇත්තේ ෆුල් ෆේස් තහනමින් පසු ඒවෙනුවට මිලදී ගැනීමට ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ පොලේ නොමැති කමය.
මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් වී ඇත. ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ පොළක් සකස්කරන තුරු ෆුල් ෆේස් හෙල්මට් තහනම කල් දැමිය යුතු බව එම නිලධාරීන්ගේ මතය වී තිබේ.
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කර ඒ වෙනුවට ප්‍රමිතියෙන් තොර හෙල්මට් ගැනීමට යතුරු පැදි කරුවන් උනන්දු නොකළ යුතු බවත් ප්‍රමිතියෙන් තොර හෙල්මට් පැළද ගමන් කිරීමේදි යතුරු පැදිකරුවන් අනතුරකට ලක්වූ විට එහිදී සිදුවන හානියේ වගකීමද පොලිසියට එල්ලවන්නට පුළුවන් බවත් එම නිළධාරීන් දීර්ඝ ලෙස සාකච්ඡාකර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ෆේස් බුක් සහ සමාජ ජාල වෙඩ් අඩවි ඹස්සේ සංවිධානගතවූ යතුරුපැදිකරුවන් ඉකුත් ඉරිදා(29)ගාලූ මුවදොර පිටිය අසලදී උද්ඝෝෂණයක නිරතව අගමැතිවරයාටත් මහජන සාමය පිළිබද ඇමතිවරයාටත් සංදේශයක් ඉදිරිපත්කරනු ලැබූහ.