තමන්ට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමුවන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (27) පැවැසීය.
පසුගිය පැය 24 දී සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. වෛද්‍ය පරීක්ෂණයෙන් මට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා
යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මම දැන් ස්වයං – නිරෝධායන ක්‍රියාවලියට යොමු වී ඉන්නවා. එහෙත් මා දිගටම ආණ්ඩුව කරගෙන යනවා. විඩියෝ තාක්ෂණය ඔස්සේ මම අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. මේ රෝගයට එරෙහි සටන අපි දිගටම ගෙනියනවාරැරැ යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව අද පස්වරු වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,658ක් වූ අතර එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 578කි.
මේ සතිය මුලදී බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි සහ දෙවැනි එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ධුරයේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇතැයි බ්‍රිතාන්‍ය රජය මේ සතිය මුලදී ප්‍රකාශ කළේය.