බ්‍රිතාන්‍යයේ සිටිය සිසුන් 207ක් ලංකාවට රැගෙන එයි

බ්‍රිතාන්‍යයේ සිටිය සිසුන් 207ක් ලංකාවට රැගෙන එයි

එංගලන්තයේ, ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (04) අලුයම 3.30 ට පැමිණ තිබෙනවා.

මෙම සිසුන් ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණා.

ඒ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සදහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව යනු ලැබුවා.

Share this: