බ්ලුමැන්ඩල් සිදියට මහින්දගේ සම්බන්ධයක් නෑ

බ්ලුමැන්ඩල් සිදියට මහින්දගේ සම්බන්ධයක් නෑ

ඊයේ(31) දිනයේදී බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදුවු සිදුවීමක් බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු අපේක්ෂක සුජීව සේරසිංහ මහතා පවසයි.

එම වෙඩි තැබීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නැති බව ඔහු එම අවස්ථාවේදී ප්‍රකාශ කළහ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් බ්ලුමැන්ඩල් ප්‍ර දේශයේ සිදුවු එම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිසි ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවත්, තමාගේ, අගමැතිවරයාගේ සහ සජිත් ප්‍රේමදාස යන අයගේ අත් වල දැලි නොමැති බවත් ඒ මහතා එම අවස්ථාවේදි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share this: