බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනැක්ට පිටුපස අසුනේ ආසන පටි නොමැතිව රිය පැදවීමේ වරදට පොලිසිය විසින් ඔහුට දඩ නියම කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෝටර් රථයකින් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර එම වීඩියෝවට අනුව ඔහු ආසන පටි පැළඳ නොසිටි බව සඳහන්.
එම චෝදනා සම්බන්ධයෙන් ඔහු සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලැන්කෂයර් පොලිසිය පැවසුවේ, නීතිය කඩ කළ 42 හැවිරිදි පුද්ගලයෙකුට කොන්දේසි සහිත දඩයක් නියම කර ඇති බවයි.
රටේ මාර්ග නීතිවලට අනුව ආසන පටි පැළඳීමෙන් පසු ඒවා සවි නොකරන මගීන්ට පවුම් සියයක දඩ මුදලක් අය කෙරේ.
Share this: