බ්‍රසීල ජනතාව එරට රජයට එරෙහි උන එකට රනිල් සිය කණගාටුව පළකරයි!

බ්‍රසීල ජනතාව එරට රජයට එරෙහි උන එකට රනිල් සිය කණගාටුව පළකරයි!

බ‍්‍රසීලයේ පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ‍්‍රසීල රජය වෙත කණගාටුව ප‍්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් මෙම පුවත නිවේදනය කර ඇත.

ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියා හරහා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව හෑල්ලුවට ලක් කිරීමට ඇතැම් පිරිස් විසින් දරණ උත්සාහයන් ශ්‍රී ලංකාවට ද පසුගිය කාලයේ සිදු වූ අතර, එම ක්‍රියාවන් හෙළා දකිමින් ජනාධිපතිවරයා බ්‍රසීල ජනාධිපතිවරයාට, රජයට සහ ජනතාවට සිය සහය පළ කළේය.

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් බ්‍රසීලියා අගනුවර ජාතික කොන්ග්‍රස් ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය සහ ජනාධිපති මන්දිරයට කඩා වැදී ඇත.

ඔවුන් බොල්සොනාරෝගේ පරාජය පිළිගන්නේ නැති බව පැවසීය.

Share this: