බස් රියෙන් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

බස් රියෙන් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙය සිදුවී අත්තේ, කනගරායන්කුලම ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබු බස් රථයකින් බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා බස් රථයේ ඉදිරිපස පාපුවරුවෙන් ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු අදාළ පුද්ගලයා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ක වලින් පැවසේ.

මියගොස් ඇත්තේ 56 හැවිරිදි කනගරායන්කුලම ප්‍රදේශයේදී පදිංචිව සිටි අයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කනගරායන්කුලම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: