බස් රථයක් හා ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටී  ළමුන් 6 ක් ඇතුළු 18 ට තුවාලයි

බස් රථයක් හා ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටී ළමුන් 6 ක් ඇතුළු 18 ට තුවාලයි

රිය අනතුරකින් පාසල් ළමුන් 06 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

කටුවන පැරණි ඇඟලුම්කම්හළ ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇත.

මෙම සිදුවීමට හේතුව ලෙස සදහන් වෙන්නේ, ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් රැගත් බස් රථයක් හා ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීම බව පොලීසිය පවසයි.

තවද එහිදී බස් රථයේ ගමන්ගත් පාසල් ළමුන් 06 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකුද ට්‍රක් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් පුද්ගලයින් සිව් දෙනෙකුද තුවාල ලබා ඇති අතර, ඔවුන් ඇඹිලිපිටිය සහ කටුවන රෝහල්වලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුවන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: