ඩීසල් මිල රුපියල් 15කින් අඩු කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මැයි 01 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අවධාරණය කළේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
“පසුගිය කාලය තුළ අමාත්‍යවරයා සෑම විටම එම තනතුර දැරුවත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමට කටයුතු කළේ නැහැ. මේ වනවිට එහි ප්‍රතිවිපාක ජනතාවට විඳීමට සිදුව තිබෙනවා.” ගැමුණු විජේරත්න වැඩිදුරට පැවසීය.
Share this: