බවුසරයේ ගැටී තරුණක් මරුට

බවුසරයේ ගැටී තරුණක් මරුට

කටුනායක, මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බවුසරයේ ගැටී තරුණයෙකු මියගොස් ඇත.

බව්සර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඒ අනුව මියගොස් ඇත්තේ 22 හැවිරිදි ආඩිඅම්බලම, පිල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුනයෙකි.

මිය ගිය තරුණයාගේ මෘත ශරිරය මිගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදුකෙරේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share this: