අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමඟ, ආණ්ඩුකාරවරුන්ට තම ධූරවලින් ඉල්ලා අස්වෙන මෙන් නියෝග කර සිටියදීත් උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහලේකම් කාර්‍යාලයට අයත් රාජ්‍ය දේපල අයතා ලෙස භාවිතා කරමින් සිටින අතර තවමත් නීත්‍යානුකූලව භාරදී නොමැත.
ඔහුගේ පෞද්ගලික කාර්‍යමණ්ඩලයද මේ වනවිටත් මහලේකම් කාර්‍යාලයේ රැඳී සිටිමින් රාජ්‍ය දේපල අවභාවිතයට ලක් කරති.
පසුගියදා මුලතිව්හි ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකදී එවකට ජනපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට පොරොන්දු වී තිබුනේ නැවත කිසිවිටකත් තමා මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවත්ය. එසේ රටේ ප්‍රධාන පුරවැසියා ඉදිරිපිට පොරොන්දු වූවද ඔහු ඊයේ දිනයේත් කොලඹ ප්‍රධානපෙලේ සමාජශාලාවක (bloom feil)මධුවිත පානය කරමින් සාද පවත්වා ඇත.
රටේ ප්‍රධාන පුරවැසියාත්, උතුරේ ජනතාවත්, රටේ සියළු ජනතාවත් නොමග යවමින් ඔහු කරනා මෙම ක්‍රියාවලියට බලධාරීන් විසින් හා රටේ ජනතාව ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු