බලපත්‍ර රහිතව පලු දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු කිළිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් ප්‍රවාහනය කරමින් තිබු පලු දැව කඳන් 12ක් සහ දැව ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය පොලිසිය බාරයට ගෙන තිබේ.
එම දැව තොගයේ වටිනාකම රුපියල් එක් ලක්ෂ 25,000 ක් වන බව සඳහන්ය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කිළිනොච්චිය පොලිස් ස්ථානය වෙත බාරදී තිබේ.
Share this: