රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්, මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කළා.
එමෙන්ම, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සලකා බැලීමට නියමිතයි.
දින 6ක් පුරා පොලීසිය මඟ හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල පිහිටි මහල් නිවාසයක සැඟව සිටියදියි.
Share this: