මෙම දිනවල නිතර දෙවේලේ වැලිකඩ බන්ධනාගාරය දේශපාලඥයිටන් යන්න සිදුවෙලා තියෙනවා,
ඒ හේතුවෙන් එහි පහසුකම් වැඩි දියුණු කළ යුතු බව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.
ඊයේ (24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
තවද පසුගිය රජය විසින් වැඩකඩ බන්ධනාගාරයේ පහසුකම් වැඩි දියුණු කිරීමට කිසිදු උනන්දුවක් නොදැක් වු බව අමාත්‍යවරයා අනාවරණ කලේය.
පසුගිය කාලයේ බන්ධනාගාර නිරික්ෂනයේදී සිරකරුවන් 2000 ක් පමණ ඉන්නා ස්ථානවල වැසිකිලි 08 ක් පමණක් තිබුණි.
ඉදිරියේදී හෝ මේ තත්ත්වය වෙනස් වී වැලිකඩ බන්ධනාගාරයේ ජිවත් වන මිනිසුන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සැලසෙවි යැයි තමා විශ්වාස කරන බව අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසිය.
Share this: