විල්පත්තු රක්ෂිත වනාන්තර එළිකොට නිවාස ඉදිකිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉල්ලා ගොනුකර තිබු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.
පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ විල්පත්තුව මරිච්චකට්ටුව ප්‍රදේශයේ රක්ෂිත කැලෑ එළිකර නිවාස ඉදිකිරීම් අඛණ්ඩව සිදුකරන බවයි.
තවද මේ සඳහා පාරිසරික ඇගයීම් වාර්තා හෝ පරිසර වාර්තා කිසිවක් ලබාගෙන නොමැති බව සඳහන් කරන පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු එම ඉදිකිරිම් සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දි තිබේ.
ඒ අනුව කරුණු සලකාබැලු අභියාචනාධිකරණය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුළු වගඋත්තරකරුවන් අටදෙනෙකුට සැප්තැම්බර් මස 16 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් නොතීසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කර සිටියේය.