බණ්ඩාරනායක ඝාතනය පක්ෂය තුළම සැලසුමක්, බව ජනපති කියයි

බණ්ඩාරනායක ඝාතනය පක්ෂය තුළම සැලසුමක්, බව ජනපති කියයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ නව කාර්යාලය කොළඹ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ, (20) විවෘත කෙරින. මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්විය.

එහිදී ජනාධිපතිතුමන් පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා තරම් බලය තබාගෙන සිටියදීත් දුක් විඳපු නායකයෙක් දැක නැති බවත් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ බවයි.

තවද, ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය සිදුවූයේ පක්ෂය තුළින්ම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තමන්ද මේසය උඩ පත්තර කෑල්ලක් දමා නිදාගත් කාලයක් තිබුණ බව, එහිදී ජනාධිපතිතුමන් පැවසුවේය.

එහිදී, ජනාධිපතිතුමන් පළමුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රිමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්විය.

පසුව, තරුණ සංවිධාන කාර්යාලය විවෘත කළ අතර තරුණ සංවිධානයට සම්බන්ධ පුස්ථකාලය විවෘත කිරීමටද එක් විය.

තවද මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, පියසේන ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share this: