මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ සමීපතමයෙකු හෙරොයින් සහ තියුණු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි චමින්ද කුමාර සිල්වා නොහොත් “බඩෝවිට ලොකු මල්ලි” බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්තිඩිය ලේක් පාර ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත්, එහි වටිනාකම රුපියල් 300,000 පමණ වන බවට ගණන් බලා ඇති හෙරොයින් ග්‍රෑම් 16ක් සහ තියුණු ආයුධ දෙකක් වාහනයේ තිබී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.