බටහිර අප්‍රිකාවේ සිදුවූ දරුණුතම රිය අනතුර!

බටහිර අප්‍රිකාවේ සිදුවූ දරුණුතම රිය අනතුර!

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෙනගාලයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 80 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඊයේ (08) මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්ය.

ප්‍රාදේශීය නිලධාරියෙකු පැවසුවේ මගී මෝටර් රථයක ටයරයක් පුපුරා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සෙනගල් අගනුවර වන ඩකාර් සිට කිලෝමීටර් 220ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි කෆ්‍රීන් නගරය ආසන්නයේ මෙම අනතුර සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෑත කාලයේ බටහිර අප්‍රිකානු රටක සිදුවූ දරුණුතම රිය අනතුර මෙය බවයි.

Share this: