20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 පැවැත්වූ පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 9ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකි විය.
තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා පන්දුවට පළමුවෙන් පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කාණ්ඩායමට ලබා දුන්නේය.
බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබා ගැනීමට සමත් විය.
බංග්ලාදේශ අෆීෆ් හොසේන් ලකුණු 38ක් සහ නජ්මුල් හොසේන් ශාන්තෝ ලකුණු 25ක් ලබා ගත්තේය.
තරගය ජයගැනීම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 145ක ඉලක්කයක් හඹා ගියත් සියලුදෙනා දැවී රැස්කර ගත්තේ, ලකුණු 135ක් පමණි.
නෙදර්ලන්තය වෙනුවෙන් හුදෙකලා සටනක නියැළුණු කොලින් ඇකර්මන් ලකුණු 62ක් ලබා ගත්තේය.
Share this: