ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසවේ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ පරිපාලනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදමින් සිටින බවයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද මේ සම්බන්ධව සාකච්ඡා කළ බව ඒ මහතා කීය.
තවද මේ යටතේ ලංගම පෞද්ගලික බස් රථ සමස්ත පද්ධතියම ඒකීයව පරිපාලනය වන අතර එය ඒකාබද්ධ කාල සටහනක් තොරව විධිමත් යාන්ත්‍රණයක් හා පරිපාලනයක් යටතේ ක්‍රියාවට නැගෙනු ඇත.
ඒ අනුව බස් රථ සඳහා ගුණාත්මක මෙන්ම කාර්යක්ෂම සේවාවක් ද සැපයෙන අතර අබලන් බස්රථ ධාවනයෙන් ඉවත් කරනු ඇත. මෙරට සමස්ත පෞද්ගලික බස්රථ සංඛ්‍යාව 21200ක් පමණ වන අතර ඉන් 3200ක් පමණ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් පාලනය වන අතර ඉතිරි බස්රථ 18000ම පළාත් සභා යටතේ පාලනය වන අතර පළාත් 9ත් නව ආකාර නීති පනත් යටතේ බස්රථ ධාවනය වීම නිසා පොදුවේ මඟී ජනතාව රජයට දොස් පැවරීමේ ක්‍රමයක් පවතින බව ද ගැමුණු විජේරත්න මහතා කීය.
වසරකට එක් බස්රථයකින් රුපියල් 25000 ක් පමණ පළාත් සභාවට ගෙවිය යුතු නමුත් පළාත් සභාවලින් කිසිඳු සහනයක් මඟීන්ට නොලැඛෙන බව ද විජේරත්න මහතා කීය.