මිගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු පෝෂණ මළු බෙදාදිමේ වැඩ සටහනකදී ඇති වු ගැටුමකින් පුද්ගලයකු තුවාළ ලබා තිබේ.
ප්‍රදේශයේ ප්‍රජාසේවා මධ්‍යස්ථානයකදී මෙම වැඩසටහන සංවිධානය කර තිබු බව සඳහන්ය.
හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාද එම ස්ථානයට පැමිණ ඇති අතර දෙපාර්ශ්‍රවය අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර පසුව ඔහු නික්ම ගිය පසු ඔහුගේ ආධාරකරුවෙකු එම ස්ථානයේ සිටි පුද්ගලයකුට පහරදි තිබේ.
පසුව පහරකෑමට ලක්වු පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මිගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this: