පෝලියෝ මර්ධන සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෙන් මෙරට වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
එනම්, පෝලියෝ රෝගය වැළැක්වීම සඳහා දැනට ලබාදෙන මුඛ මාත්‍රාව වෙනුවට එන්නතක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ඒ සදහා නව වැඩපිළිවෙල ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව, මාස 4 න් පසු කුඩා දරුවන්ට ලබාදෙන දෙවන මාත්‍රාවේදී අදාල එන්නත ලබාදීමට කටයුතු යොදා ඇත.
එය ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වර්ෂයේදී පෝලියෝ රෝගය ලොවෙන් තුරන් කිරීමේ ජාත්‍යන්තර වැඩසටහනට සමගාමීව පැවැත්වීමට නියමිතයි.
Share this: