පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර සොරාගෙන දීර්ඝ කාලයක් තිස්සේ අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ රෝහල් සේවකයෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව 06 වැනිදා පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
2020 වසරේ සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව වාර්තා වන අතර, මෙම කාලය තුළ සොරාගෙන ඇති ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව 210ක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොළොන්නරුව අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this: