පොළොන්නරුව පේෂල ජයරත්නට

පොළොන්නරුව පේෂල ජයරත්නට

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාව, පොළොන්නරුව ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇත.

ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ඒ මහතා ලබා ගත්තේ ය.

මෙතෙක් කල් පොළොන්නරුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ අතර එතුමා ජනාධිපති ධූරයට පත්වීමත් සමග හිස් වූ ආසන සංවිධයක ධූරය සදහා මෙලෙස පේෂල ජයරත්න මහතා පත් කෙරිනි.

Share this: