වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය පොළොන්නරු දිස්ත්‍රික්කයේ මේ වන විට ඉහළ යමින් ඇති බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක W.K.W. සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා අනාවරණය කරයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 – 2021 වර්ෂ වලදී මන්දපෝෂණය තත්වය අඩුව පැවති බවත් ඉන් පසුව මන්දපෝෂණය විශාල වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මන්දපෝෂණය තත්ත්වය සියයට 15% – 20% දක්වා ඉහළ ගොස් ඇති බව W.K.W. සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.
Share this: