පොළොන්නරුවට භූ චලනය ඒකක 2 යි දශම 9 යි

පොළොන්නරුවට භූ චලනය ඒකක 2 යි දශම 9 යි

ඊයේ(11) රාත්‍රී යේ, පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට භූ චලනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ සහාකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසුයේ ගිරිතලේ, බකමූණ, කඳුරුවෙල සහ දියබෙදුම යන ස්ථානවල සුළු භූ කම්පන සිදුව ඇති බවයි.

භූ කම්පන මානවල එම චලනය සටහන් වී ඇත්තේ ඒකක 2 යි දශම 9 ක් වශයෙන් බව කොඩිප්පිලි මහතා කියාසිටියේය.

මේ අතර ප‍්‍රදේශවාසීහු පවසන්නේ, අහසේ සිට විශාල ආලෝකයක් පොළොවට පැමිණ පුපුරා යාම නිසා පොළොව සෙළවුණු බවයි.

Share this: