එළැඹෙන ‘යල’ අස්වනු සමය වෙනුවෙන් පොහොර මිල අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව MOP පොහොර ගෝනියක මිල රු. 4,500 කින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
දැනට පවතින පොහොර මිලත් සමඟ ගොවීන් මත පැටවී ඇති බර නිසා මෙම තීරණය ගැන සලකා බලන බව ඔහු පැහැදිලි කළේය. කිලෝග්‍රෑම් 50ක MOP පොහොර මිටියක් මේ වන විට අලෙවි වන්නේ රු. 18,500 ක් බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි අමරවීර සඳහන් කළේය.
Share this: