පොසොන් සමයේ අනුරපුරදී වෙන ගැටලුවලට 1977ට අමතන්න

පොසොන් සමයේ අනුරපුරදී වෙන ගැටලුවලට 1977ට අමතන්න

එළබෙන පොසොන් උත්සවයට සමගාමීව විශේෂ පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතාගේ ඉල්ලීමකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසිය.

තවද අනුරාධපුර සහ මිහින්තලය ඇතුළු ප්‍රදේශවල තාවකාලිකව ඉදිකෙරෙන වෙළෙඳසැල්වල භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය එහිදී පරික්ෂා කිරීමට නියමිතව ඇති අතර, පාරිභෝගික නීති රීති පිළිබඳ වෙළෙඳසැල් දැනුවත් කිරීමට ද මෙහිදී කටයුතු කරන බව රූමි මර්ෂුක් මහතා කියා සිටියේය.

තවද පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාවට මතුවන ඕනෑම පාරිභෝගික ගැටලුවක් 1977 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම්දිය හැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: