පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය කාලසටහන

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය කාලසටහන

ලබන මාසයේ පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට යන බෞද්ධ බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ගමන්වාර ශ්‍රී ලංකා දුම්රිය සේවය බදාදා (මැයි 24) නිවේදනය කළේය.

ඒ අනුව ජුනි 02 සිට 06 දක්වා බෙලිඅත්ත සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ධාවනය කෙරෙනු ඇති.

අනුරාධපුරයට දුම්රිය

ජූනි 02, 2023 (සිකුරාදා)

  • විශේෂ දුම්රිය අංක 4071 – කොළඹ කොටුවෙන් ප.ව. 4.00 ට පිටත්ව අනුරාධපුරයට 8.50 ට ළඟා වේ.
  • විශේෂ දුම්රිය අංක 4063 – ගාල්ලෙන් පෙ.ව. 8.15 ට පිටත්ව, ජුනි 03 වැනි දින පෙ.ව. 3.35 ට අනුරාධපුරයට ළඟා වේ.

ජූනි 03, 2023 (සෙනසුරාදා)

  • විශේෂ දුම්රිය අංක 4081 – කොළඹ කොටුවෙන් පෙ.ව. 7.15 ට පිටත්ව අනුරාධපුරයට 11.50 ට ළඟා වේ.
  • විශේෂ දුම්රිය අංක 0093 – බෙලිඅත්තෙන් පෙ.ව. 7.30ට පිටත්ව අනුරාධපුරයට ප.ව.3.20ට ළඟා වේ.

2023 ජූනි 04 (ඉරිදා)

  • විශේෂ දුම්රිය අංක 4071 – කොළඹ කොටුවෙන් ප.ව. 4.00 ට පිටත්ව අනුරාධපුරයට 8.50 ට ළඟා වේ.

අනුරාධපුර සිට දුම්රිය
ජූනි 03, 2023 (සෙනසුරාදා)

  • විශේෂ දුම්රිය අංක 4072 – අනුරාධපුරයෙන් පස්වරු 5.40 ට පිටත්ව කොළඹ කොටුවට රාත්‍රී 10.50 ට ළඟා වේ.
  • විශේෂ දුම්රිය අංක 4062 – අනුරාධපුරයෙන් පෙ.ව. 9.30ට පිටත්ව, ජූනි 04 වැනි දින පෙ.ව. 4.45ට ගාල්ලට ළඟා වේ.

2023 ජූනි 04 (ඉරිදා)

  • විශේෂ දුම්රිය අංක 0094 – අනුරාධපුරයෙන් දහවල් 12.30ට පිටත්ව බෙලිඅත්තට පෙ.ව.8.40ට ළඟා වේ.
  • විශේෂ දුම්රිය අංක 4082 – අනුරාධපුරයෙන් පස්වරු 4.50 ට පිටත්ව කොළඹ කොටුවට 9.50 ට ළඟා වේ.

2023 ජූනි 05 (සඳුදා)

  • විශේෂ දුම්රිය අංක 4073 – අනුරාධපුරයෙන් පෙ.ව. 6.10 ට පිටත් වී පෙ.ව. 10.50 ට කොළඹ කොටුවට ළඟා වේ.
Share this: