පොලීසියේ සිව්දෙනා පෝරකයට යන එක ස්ථිරයි

පොලීසියේ සිව්දෙනා පෝරකයට යන එක ස්ථිරයි

2009 වර්ෂයේ අගෝස්තු මාසයේදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරින.

එම මිනීමැරුම් සම්බන්ධයෙන් අඟුලාන පොලිසීයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු හතර දෙනාට කොළඹ මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ.

මේ අනුව මහාධිකරණයේ තීන්දුවට එරෙහිව සැකකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා මහත්මිය විසින් විත්තිකරුවන් ඉදිරිපිට ප‍්‍රකාශ කළ බව වාර්තා වෙයි.

Share this: