ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3ක්ද,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 ක් පොලිස් අධිකාරිවරුන් 02 ක් ස්ථානාධිපති 14 කට අද ( 14) සිට ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරුවීම් ලබාදී ඇත.
ඒ අනුව පොලිස් ක්ෂේත්‍ර බලකායේ සේවයේ නියුතුව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ. ප්‍රනාන්දු මහතා ඌව සහ නැගෙනහිර පළාත්භාර ප්‍රධානියා ලෙසත්, ඌව සහ නැගෙනහිර පළාත්භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අපරාධ හා රථවාහන අංශය භාර පොලිස් ප්‍රධානියා ලෙසත්, පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක මහතා මධ්‍යම පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙසත් පත්කර ඇත.
මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටිජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අඹන්වෙල මහතා විශ්‍රම ගොස් ඇත.
Share this: