පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නව දුරකථන අංක

පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නව දුරකථන අංක

ශ්‍රී ලංකා පොලිසිය සිය මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MCC) සම්බන්ධතා අංක වෙනස් කර නව සම්බන්ධතා අංක හතරක් හඳුන්වා දී ඇති බව සාමාන්‍ය ජනතාවට දන්වා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැහැදිලි කළේ තම කාර්යාලය බත්තරමුල්ල සෙත්සිරිපාය II අදියරේ 13 වැනි මහලට ගෙනයාමෙන් පසු අදාළ දුරකථන අංක වෙනස් කළ බවයි.

ඒ අනුව මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ද අප්‍රේල් 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ලේ පිහිටි කාර්යාල පරිශ්‍රය වෙත ගෙන ගොස් ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව, සාමාන්‍ය ජනතාවට පහත සඳහන් දුරකථන අංක ඔස්සේ පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ සම්බන්ද කරගත හැක.

011 – 2887903
011 – 2887906
011 – 2887907
011 – 2887973

Share this: