පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය වලට මොකද උනේ ? දින 7න් වාර්තාවක් ඕනෑ

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය වලට මොකද උනේ ? දින 7න් වාර්තාවක් ඕනෑ

ඉකුත් කාලයේදී පොලිස් බාරයට ගත් සියලුම මත්ද්‍රව්‍ය අධිකරණ ක්‍රියාමර්ග වලින් අනතුරුව නිසියාකාරව විනාශ කිරීමේ ක්‍රියාවලියක් සිදුවී ඇත්ද යන්න පිළිබද සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා බලධාරීන්ට දැනුම් දී තිබේ.

අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාට උපදෙස් ලබා දී අතේ සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව ලබාදෙන ලෙසය.

මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් සිදුකරන අධිකරණ ක්‍රියාදාමයේදී චූදිතයින්ට දඬුවම් ලබා දීමෙන් අනතුරුව එම මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ ලෙස මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ විනාශ කිරීම සිදුවිය යූතුවේ.

පසුගිය කාල පරිච්ඡේදය තුලදී පොලිසිය විසින් සිය භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය පිළිබඳ ජනතාව අතර නොයෙකුත් අදහස් හා මතිමතාන්තර පවතින බවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ පූජ්‍ය අතුරලියේ රතනහිමි අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව මේ පිළිබඳ සොයා බලා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා සියලු පර්ශ්‍යවන්ට උපදෙස් ලබා දී තිබේ.

Share this: