පොලිස් නිලධාරීන් 2ක් මරුට – 3ක් රෝහලේ

පොලිස් නිලධාරීන් 2ක් මරුට – 3ක් රෝහලේ

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින්, මහනුවර-මහියංගණය ප්‍රධාන මාර්ගයේ සේනාපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුවිය.

වෑන් රථයක් සහ ටීපර් රථයක් එකිනෙක ගැටීමෙන් අදාළ අනතුර සිදුවී ඇති අතර, එම වැන් රථයේ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය පවසයි.

අනෙක් පොලිස් නිලධාරීන් තිදෙනාට තුවාල සිදුවී ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ගලහා පොලීස් ස්ථානයට අනියුත්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

Share this: