පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මරු කැදවූ හදිසි ප්‍රහාරය!

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මරු කැදවූ හදිසි ප්‍රහාරය!

ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් වල සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිස්බේන් නගරයේ වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන් පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ වෙඩික්කරු මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

අපරාධකරු නිදැල්ලේ සිටින බැවින් නැවත දැනුම් දෙන තුරු තම නිවෙස්වලින් පිටතට නොයන ලෙස ක්වින්ස්ලන්ඩ් පොලිසිය ජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය අනෙක් සිව්දෙනා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

Share this: