පොලිස් නිලධාරීන්ට පුහුණු පාසලක්

පොලිස් නිලධාරීන්ට පුහුණු පාසලක්

පොලිස් නිලධාරීන්ගේ චිත්තාභීවර්ධනය වෙනුවෙන් පුහුණු පාසලක් ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබේ. මේ මගින්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන මහජන සේවය වඩාත් මිත්‍රශීලි සේවයක් බවට පත්කිරීම සඳහා මෙම පාසැල වඩාත් රුකුලක් වේ යයි අදහස කෙරේ.
මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන අදාළ පාසල වෙත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු අක්කර දෙකක භූමි ප්‍රදේශයක් බාරදීම ඊයේ(14) සිදුවුණි.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා සඳහන් කළේ රාජකාරී බහුලත්වය සහ සංකීර්ණත්වය මත පොලිස් නිලධාරීන් හොඳ තීරණ ලබාදීම සඳහා පුහුණුවක් ලබාදිය යුතු බවයි.
මේ අතර තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් අට දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
නාරාහේන්පිට, නුවරඑළිය, වැල්ලවත්ත, වැල්ලම්පිටිය, රාගම, පොතුහැර, සූරියවැව සහ පූගොඩ යන පොලිස් ස්ථානාධිපතිවරුන්ට එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Share this: