පොල් ගෙඩියක ප්‍රමාණය මත මිල නියම කිරීම සඳහා නිකුත් කළ නිවේදනය මේ වන විට සමාජ මාධ්‍ය තුල බොහෝ පිරිස් හාස්‍යයට ලක් කරනු ලබනවා.
පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ නිවේදනයේ අඩංගු කරුණු නිසි පරිදි තේරුම් නොගෙන හාස්‍යයට ලක් නොකරන ලෙසයි.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සඳහන් කරන්නේ අලෙවි කරන පොල්වල වටප්‍රමාණය අනුව පාරිභෝගිකයන්ට මිලදී ගැනිම සඳහා වෙන් කර තැබීම වෙළඳුන්ගේ කාර්යයක් බවයි.
වට ප්‍රමාණය අගල් 12 ට අඩු පොල් ගෙඩි සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 60 ක් වන අතර වටප්‍රමාණය අගල් 12ත් 13 ත් අතර පොල් ගෙඩියක් විකිණිය හැක්කේ රුපියල් 65 කට පමණයි.
එසේම, වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක් සදහා රුපියල් 70 ක උපරිම මිලක් ද රජය නිකුත් කල ගැසට් පත්‍රය මගින් නියම කර තිබෙනවා.
Share this: