ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ දුන් පොරොන්දු දින 100තුළ ඉටු නොකරන්නේ නම් ඉදිරි මැතිවරණයේ දී කතිරයකින් දඩුවම් කළ හැකි බවය.
තවද ජනතාව නව මෙම රජයක් පත්කලේ බලාපොරොත්තු රැසක් ඇතිව බව කරුණාතිලක මහතා අවධාරණය කරයි.
දින 100කදි රජය ඉටුකරන වැඩසටහන පිළිබඳව දින පොකක් ලෙස එළිදක්වා තිබේ. එම කරුණු නිසි පරිදි ඉටු නොවුවන්නේ නම් මහ මැතිවරණයකදී කතිරයෙන් ඊට දඩුවම් කළ හැකි බව ඒ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පලකලේ, බෙන්තර ඇල්පිටිය ස්ථාන කිහිපයක පිහිටි පැවති ජන හමුවලදීය .
ඉකුත් කාලයේ දූෂීත ආකාරයෙන් ක්‍රියාකල දේශපාලඥයින්ගේ ඉරණම ඉදිරි මහමැතිරණයේදී ජනතාව විසින්ම තීන්දු කළ යුතු යැයි ඇමතිවරයා පෙන්වා දෙයි.
ජනතාවගෙන් ලැබෙන බලය සදාකල් තමන් සතු කරගනිමින් සුරසැප විදීමට අදහස් කරගෙන ක්‍රියාකල පාලකයින්ගේ දූෂිත පාලන තත්වය ඔවුන් නොසිතු පරිදි නිමාවට පත්කිරීමට අප රටේ බුද්ධිමත් ජනතාව ක්‍රියාකළ බව එ මහතා සදහන් කළේය .
කැබිනට් ඇමතිවරයෙකුට ලැබෙන වරප්‍රසාද වත්මන් කැබිනට් අමාත්‍යවරුන් ලබානොගන්නා බව ද කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
බලයේ සිටින බලයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින සියළු දේශපාලඥයින් බලය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව එමගින් පණිවිඩයක් ලැබිණ.