පොදු ඉරණමක් කරා ගමන් කරන ආසියානු කලාපය

පොදු ඉරණමක් කරා ගමන් කරන ආසියානු කලාපය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, ලොව ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙහෙයුම්කරු ආසියාව බවයි.

තවද, ලොව ජනගහනයෙන් 60% ක් ජීවත් වන ආසියානු කලාපය දුප්පත්කම අතින්ද බලපෑමට ලක්ව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

චීනයේ ශැංහයි නගරයේ පැවැත්වෙන ආසියානු බෝආ සමුළුව අමතමින් ජනාධිපති සිරිසේන මහතා මේ අදහස් පළකර ඇත.

මෙවර බෝආ සමුළුවේ තේමාව වන්නේ, පොදු ඉරණමක් කරා ගමන් කරන ආසියානු කලාපය සහ අනාගතය යන්න බව සදහන් වේ.

තවද, මෙම සමුළුව සදහා ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, ස්විඩනය, රුසියාව ඇතුළු රටවල් 15ක රාජ්‍ය නායකයින් සහභාගී වුණි.

Share this: